තායිවාන බෙදුම්වාදීන්‍ට තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් වන සත්‍යය කිසිදා වෙනස් කළ නොහැකි බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය පවසයි
2023-05-31 16:56:59
Share with:

තායිවාන බෙදුම්වාදීන්‍ට තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් වන සත්‍යය කිසිදා වෙනස් කළ නොහැකි බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය පවසයි. 

අද (31) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්, චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

පසුගිය දා චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පරිපාලන අංශය ප්‍රකාශ කළේ චීන මහ ගොඩබිමේ පුරවැසියන් ස්වදේශීය පුරවැසියන් ලෙස පිළි නොගන්නා බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Zhu Fenglian මහත්මිය ප්‍රකාශ කළේ, චීන මහ ගොඩබිම හා තායිවාන ප්‍රදේශය එකම චීනයට අයත් බවයි. තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සියලු ජනතාව චීන ජනතාව වන බවයි. 

සාමය, සංවර්ධනය, හුවමාරුව සහ සහයෝගීතාවය යන  තායිවාන ප්‍රදේශයේ ජනතාවගේ දැඩි අපේක්ෂාවන් නොසලකා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලි පක්ෂයේ බලධාරීන් සහ "තායිවාන ස්වාධීනත්වය" සඳහා හඹා යන බෙදුම්වාදී බලවේගයන් දේශපාලන වාසි අපේක්ෂාවෙන් නිරතුරුවම ස්වාධීනත්වය පිළිබඳ ප්‍රකෝප කිරීම් සිදු කරමින්, තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස විරෝධයන් ඇති කිරීමට උත්සාහ ගෙන ඇත. ඒ හරහා විවිධ ගැටුම් සහ බරපතල හානි ඇති වූ අතර, තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය සහ ස්ථාවරත්වය දැඩි ලෙස විනාශ කර ඇතැයි ද Zhu Fenglian මහත්මිය පවසා ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම