චීන සමාජවාදී නවීකරණය පිළිබඳ චීන ජනපතිගේ ලිපිය ජුනි පළමුවනදා පළ කෙරේ
2023-05-31 19:36:26
Share with:

‘චීන මාදිලියේ නවීකරණය යනු, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන සමාජවාදී නවීකරණය’ නමැති චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතාගේ ලිපිය ජූනි පළමුවනදා ‘Qiushi’ සඟරාවේ 11 වැනි කලාපයේ පළ කෙරේ.

පක්ෂයේ නායකත්වය චීන නවීකරණය ස්ථිර ඉලක්කයක් කරා ස්ථාවර ලෙස ඉදිරියට ගමන් කිරීමේ පදනම බව එම ලිපියෙන් පෙන්වා දෙයි. චීන කොමියුනිස්ට් පක්ෂය සෑම විටම සිය පරමාර්ථයෙහි එල්බ සිට ජනතාවට සුබසිද්ධිය ළඟා කිරීමටත්, චීන ජාතිකයින්ගේ පුනර්ජීවනයටත් ප්‍රයත්න දරමින් සිටියි.

ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ආරම්භ කිරීමෙන් පසු චීන කොමියුනිස්ට් පක්ෂයට විවිධ ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට මෙහෙයවමින් රටේ වර්තමාන තත්ත්වයට ගැළපෙන ජීවමය බව සපිරි පද්ධතීන් හා ක්‍රමවේද ගොඩනැගීමට හැකි වී තිබේ.

ජනතාව යනු චීන නවීකරණයේ ප්‍රධානම කොටසයි. චීන නවීකරණය සිදු කළ යුත්තේ ජනතාව සමග සමීපව එකට එක්ව සහයෝගයෙනි. ජනතාවගේ දැනුම හා ශක්තිය එක්රැස් කිරීමෙන් පමණක් චීන නවීකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇති බව ද එම ලිපියෙන් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම