චීන මිළදී ගැනීමේ කළමණාකරුවන්ගේ දර්ශකයේ මැයි මස දත්ත නිකුත් කෙරේ
2023-05-31 17:24:31
Share with:

චීන කර්මාන්ත අංශයේ මිළදී ගැනීමේ කළමණාකරුවන්ගේ දර්ශකයේ සුළු පහළ යාමක් පෙන්නුම් කරයි.චීන ජාතික සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තයන්ට අනුව එම දර්ශකය අප්‍රේල් මාසයේ පැවති 49.2 ක මට්ටමේ සිට මැයි මාසයේ දී 48.8 ක් දක්වා අඩුවී තිබේ.එම අගය 50කට වැඩි මට්ටමක පැවතීම ප්‍රසාරණය වීමක් ලෙසටත් 50කට අඩු මට්ටමක පැවතීම හැකිළීමක් ලෙසටත් සැලකේ.  නවතම දත්ත පිළිබඳ අදහස් දක්වමින් චීන ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ දී  එහි පදනම තවදුරටත් තහවුරු විය යුතු බව චීන ජාතික සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කර තිබේ.

සමීක්ෂණයට ලක් කෙරුණු  උප අංශ 21 ක් අතරින් 11ක් තවදුරටත් ප්‍රසාරණ මට්ටමේ පවතී.උපකරණ  නිෂ්පාදනය, අධි තාක්ෂණ නිෂ්පාදනය හා පාරිභෝගික නිෂ්පාදන කර්මාන්තය එලෙස ප්‍රසාරණ කලාපයේ පවතී. නිෂ්පාදන නොවන අංශයද ප්‍රසාරණ මට්ටමක පවතින බව එම දත්ත මගින් පිළිබිඹු වෙයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම