බංග්ලාදේශ දැරියකට චීන ජනපති ගෙන් ප්‍රතිචාර ලිපියක්
2023-05-31 11:14:57
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බංග්ලාදේශයේ Alifa Chin දැරියට ප්‍රතිචාර ලිපියක් යොමු කරයි.  

ඇය ගේ ලිපියේ සඳහන් වන අත්දැකීම් චීන-බංග්ලාදේශ මිතුදමේ විචිත්‍රවත් පිළිබිඹුවක් බව ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කරයි. අතීතයේ සිටම දෙරට ජනතාව සුහද අසල්වැසියන් මෙන්ම මිතුරන් ය. ඇය වැඩිහිටියෙකු වීමෙන් පසු චීන-බංග්ලාදේශ මිතුදමේ දූතවරියක් බවට පත්වී චීනයේ දී වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ කැමැත්තක් ඇති බව දැන ගත් තමා සතුටට පත්වූ බව ෂී ජින් පිං මහතා අවධාරණය කර තිබේ. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැපවී සිය සිහිනය අරුත් ගන්වීමට හැකි වේවා යැයි හෙතෙම සිය ප්‍රතිචාර ලිපියේ ඇයට සුබ ප්‍රාර්ථනා කරයි.

Alifa Chin 2010 වසරේ උපත ලැබූ අවස්ථාවේ දී ඇගේ මව අසීරු ප්‍රසව තත්ත්වයකට පත්ව සිටියා ය. එහිදී බංග්ලාදේශයේ Chattogram වරායේ නිල සංචාරයක නිරත චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාවේ සිටි වෛද්‍යවරු ඇය සහ මව බේරා ගත්හ. ඊට කෘතගුණ දැක්වීම උදෙසා ඇගේ පියා ‘Chin’ ලෙස සිය දියණිය නම් කළේ ය. බෙංගාලි භාෂාවෙන් ‘ චීනය ’  ‘Chin’ ලෙසින් හැඳින්වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම