විදෙස් සංචාරකයින්ගේ පැමිණීම පන්ලක්ෂය ඉක්මවයි
2023-05-31 17:21:01
Share with:

2023 වසරේ මැයි 28 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 516,946 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

2023 මැයි මස මුල් දින 28 තුළ දී 75,769ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමගම මෙලෙස දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය පන්ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

මැයි මාසය තුළ මේ දක්වා වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම ගණන 20,971 ක් වේ. මීට අමතරව රුසියාව, ජර්මනිය සහ එක්සත් රාජධානිය වන රටවලින් ද මැයි මාසය තුළ වැඩි වශයෙන් සංචාරකයින් පැමිණි ඇත.





ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම