ජුනි පළමුවනදාට යෙදෙන ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් රටේ සමස්ත දරුවන් වෙත චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-05-31 20:37:12
Share with:

ජුනි පළමුවනදාට යෙදෙන ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(31) බෙයිජිං නගරයේ යූයිං විද්‍යාලයට පැමිණ එහි ගුරුවරුන් හා සිසුන්ගේ සුවදුක් විමසා රටේ සමස්ත දරුවන් වෙත සුබ පැතුම් ද පිරිනැමුවේය. 

දරුවන් රටේ අනාගතය මෙන්ම චීන ජාතියේම බලාපොරොත්තුව ද වේ. නව යුගයේ චීනයේ දරුවන්, සිය ජීවිතය ඉලක්ක හා සිහිනයන්ගෙන් යුක්තව අධ්‍යාපන කටයුතු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට වැඩි සැලකිල්ලක් දක්වන, කෘතගුණ සහිත, මිත්‍රශීලි, කරුණාවන්ත සහ නිර්මාණශීලිත්වයට උනන්දුවක් ඇති පරපුරක් විය යුතු යැයි ෂී ජින්පිං මහතා පැවසීය.

ඒ අනුව, චීන දරුවන්, ආචාරශීලි, දැනුමැති, ක්‍රීඩාවන්ට හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට දක්ෂ, මනා ‍සෞන්දර්ය ආකල්පයන්ගෙන් යුතු, පූර්ණ ක්ෂේත්‍රවලින් වර්ධනය වන පරපුරක් විය යුතු බව ද ඔහු කියාසිටියි. සිය දෙමව්පියන්ගේත්, චීන කොමියුනිස්ට් පක්ෂයේත්, ජනතාවගේත් අපේක්ෂාවන්ට සරිලන සේ, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශක්තිමත් මාතෘභූමියක් බිහි කිරීමට හා ජාතික පුනර්ජීවනය පිළිබඳ ඉලක්ක සාක්ෂාත් කිරීම සඳහා උද්‍යෝගයෙන් අධ්‍යාපන ලැබිය යුතු බව ද හෙතෙම අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම