ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘතිය ඇරඹේ
2023-05-31 18:20:10
Share with:

ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අත්සන් කෙරේ. ඒ අනුව ජලය මත පාවෙන සූර්ය බලාගාර දෙකක් ඉදි කිරීම සඳහා වන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වූ ගිවිසුම අද (31) පෙරවරුවේ දකුණු කොරියානු නියෝජිතයින් සහ විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන් අතර අත්සන් කෙරිණ.

දකුණු කොරියානු රජයේ මූල්‍ය ආධාර මත ඉදි කෙරෙන එම ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 5.2කි.

මෙගා වොට් 1 බැගින් නිපදවන මෙම ව්‍යාපෘති දෙක සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරි ඉබ්බන් වැව මත ඉදි කිරීමට නියමිතය. ඒ අනුව ව්‍යාපෘතිය 2024 වර්ෂයේ දෙසැම්බර් මස අවසන් කිරීමට අපේක්ෂිතය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම