ඇමරිකාව ‘මත්ද්‍රව්‍ය අපරාධ’ පදනම් කරගෙන චීන පාර්ශ්වයන්ට සම්බාධක පැනවීම පිළිබඳව චීනයේ විරෝධය
2023-05-31 19:22:08
Share with:

ඇමරිකාව ඊනියා ‘මත්ද්‍රව්‍ය අපරාධ’ පදනම් කරගෙන චීනයේ ඇතැම් ව්‍යාපාර හා පුද්ගලයින්ට සම්බාධක පැනවීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය චීනයේ ස්ථාවරය පැහැදිලි කරයි.

ඇමරිකාවේ මත්ද්‍රව්‍ය උවදුරට හේතු පවතිනුයේ එරට තුළම බවත්, ඒකපාර්ශ්වික සම්බාධක ක්‍රියාත්මක කිරීමෙන් එය කිසිවිටක විසඳිය නොහැකි බවත් ඇය පෙන්වා දුන්‍නාය.

ඇමරිකාව මෙම සම්බාධක පැණවීමට හේතුව චීනයේ ඇතැම් ව්‍යාපාර හා පුද්ගලයින් ඇමරිකාවට හා මෙක්සිකෝවට ‘tablet press යන්ත්‍ර හා  Die-casting moulds’ අපනයනය කිරීමයි. ඒවා, සාමාන්‍ය වාණිජ භාණ්ඩ ලෙස පොදුවේ පිළිගන්නා අතර, ජාත්‍යන්තර වෙළඳ ක්ෂේත්‍රයේ පොදු රෙගුලාසීන්ට අනුව, අදාළ උපකරණ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගලා යාම වැලැක්වීම ආනයන පාර්ශ්වයේ වගකීමකි. උදාහරණයක් ලෙස, පිහියකින් මිනිසකු ඝාතනය කළ හැකි වුවද එවැනි ඝාතනයක් සිදු වූ පසු එයට වගකිව යුත්තේ එම පිහියේ නිෂ්පාදකයා ද ඒ පිහිය භාවිත කළ පුද්ගලයා ද යන්න සරලව අවබෝධ වන්නකි. එහෙයින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද ඉතා පැහැදිලි තර්කයක් ඇති බව ඇය සඳහන් කළාය.  

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම