චීන-ඇමරිකානු ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවීම පිළිබඳ ඇමරිකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතුව චීනය ප්‍රකාශ කරයි
2023-05-30 17:10:55
Share with:

මාධ්‍ය වාර්තාවලට අනුව, සිංගප්පූරුවේ Shangri-La සංවාදයේදී ඇමරිකා-චීන  ආරක්ෂක අමාත්‍යවරුන් අතර හමුවීමක් සඳහා ඇමරිකාව කළ ඉල්ලීම චීනය නිල වශයෙන් ප්‍රතික්ෂේප කළ බව ඇමරිකාව ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන්, චීන විදේශ අමාත්‍යාංශයේ  ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(30) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළාය.

වත්මන් චීන-අමෙරිකානු ආරක්ෂක හමුදා සංවාදය අසීරුතාවයන්ට මුහුණ දීමේ හේතුව පිළිබඳව ඇමෙරිකාව පැහැදිලිව දැන සිටී. චීනයේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව සහ ජයග්‍රහණයන්ට ඇමරිකාව ගරු කළ යුතු බව ඇය මෙහිදී සඳහන් කළාය. ඇමරිකාව සිය වැරදි ක්‍රියාව වහාම නිවැරදි කර ගත යුතු බවත් සිය අවංකභාවය පෙන්වා දෙමින්, දෙරටේ ආරක්ෂක හමුදා අතර සංවාදයට අවශ්‍ය පරිසරය හා සුදුසු කොන්දේසි නිර්මාණය කළ යුතු බව ද Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම