රටේ සමස්ත දරු පරපුරට හොඳ මිතුරෙක් වන චීන ජනාධිපති ෂී ජින්පිං මහතා
2023-05-30 20:17:17
Share with:

දරුවන්ගේ වර්ධනය චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සිතෙහි නිරතුරු රඳා පවතින්නකි. 2013 වසරේ ජූනි පළමුවනදා ජාත්‍යන්තර ළමා දිනය සැමරීමට පෙර ඔහු හොඳ මිතුරෙක් ලෙස රටේ සමස්ත දරුවන් වෙත සුබ පැතුම් පිරිනැමුවේය. ගෙවී ගිය දශකය තුළ එම කුළුපග ‘හොඳ මිතුරා’ හා ‘කුඩා මිතුරු මිතුරියන්’ අතර බොහෝ අමතක නොවන ‍අවස්ථා සිදු විය.

ෂී ජින්පිං මහතා සිසුන් සහ ගුරුවරුන් සමග සිටින විට, හොඳින් ව්‍යායාම කිරීමට දරුවන් දිරිමත් කරමින්, දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන අතරේ, ඔවුන් සමග තමන් කැමතිම ක්‍රීඩාව පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමටත් අමතක නොකළේය. මුළු ජීවිතයේ ජයග්‍රහණයන්ගේ පදනම වන්නේ අපගේ ශරීරයයි. එහෙයින් දරුවන් ශාරීරික අභ්‍යාස කිරීම පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. පවුල, පාසල සහ සමාජය මේ සඳහා අවශ්‍ය පහසුකම් නිර්මාණය කළ යුතුයි. එමෙන්ම ඔවුන්ට ශක්තිමත් වෘක්ෂයන් මෙන් ශක්තිමත්ව වර්ධනය වීමට ඉඩ දිය යුතු යැයි ඔහු අවධාරණය කර ඇත.

දරුවන්ට සිය ජීවිතය පිළිබඳ පැහැදිලි ඉලක්කයක් පවතී නම්, රටට ද එවිට යහපත් බලාපොරොත්තුවත් ඇත. එසේම ‘ජීවිතයේ ඉලක්කය’ යන්න, ෂී ජින්පිං මහතා දරුවන් සමග සිදු කරන පිළිසඳරවලදී නිරන්තරයෙන් සඳහන් කළ යෙදුමකි. කුඩා කල සිටම රට පිළිබඳ ආදරණීය හැඟීමක් සිතෙහි තබා ගෙන සිය ‘සිහිනය’ හා ඉලක්කය සැබෑ කර ගැනීමට වෑයම් කරන ලෙස ඔහු දරුවන්ව දිරිමත් කළේය. ‍

ෂී ජින්පිං මහතා දරුවන්ව ‘කුඩා පැළවලට’ උපමා කරයි. ලෝකය පිළිබඳ නිවැරදි ආකල්පය, ජීවිතය පිළිබඳ හරවත් ආකල්පය හා සාරවත් ආකල්පයන් කුඩා පැළයක් ශක්තිමත් වෘක්ෂයක් බවට වර්ධනය වීමට අවශ්‍ය වැදගත්ම ‘පෝෂණ ද්‍රව්‍ය’ බව ඔහු පවසා ඇත.

“චීන ජාතිකයෙක් සහ චීන මහ පවුලේ සාමාජිකයෙක් ලෙසත්, අපේම අභිමානවත් ඉතිහාසය, සංස්කෘතිය හා ජාතියේ ජීවගුණය පිළිබඳව  හොඳින් අවබෝධ කර ගත යුතුයි. වසර පන්දහසක් පැරණි අපගේ ශිෂ්ටාචාරය තේරුම් ගෙන ජාතික අභිමානය පිළිබඳ හැඟීමක් අපි තුළින්ම ඇති කර ගනිමු. සංස්කෘතික විශ්වාසය ඇති වෙන්නේ ද මේ අයුරින්මයි. ” යනුවෙන් චීන ජනාධිපතිවරයා පවසයි.

ළමා පරපුර ශක්තිමත් නම්, රටත් ශක්තිමත් වනු ඇත. ශක්තිමත් දරුවන් රටේ ශක්තිමත් අනාගතයකට මඟ පෙන්වයි යනුවෙන් කියමනක් ද තිබේ. ‍ මෙය නව යුගයේ දරුවන් කෙරෙහි ෂී ජින්පිං මහතාගේ අවංක අපේක්ෂාව වන අතර එය සමස්ත චීන ජාතියට අපේක්ෂා කළ හැකි දීප්තිමත් අනාගතය ද වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම