චීන ජනපතිගේ ප්‍රකාශය යථාර්ථයක් කරමින් නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන පර්යේෂණ ඇකඩමිය නිල වශයෙන් ස්ථාපිත කෙරේ
2023-05-30 15:19:20
Share with:

නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන පර්යේෂණ ඇකඩමිය චීන මාධ්‍ය සමූහය හා චීන Renmin විශ්වවිද්‍යාලය විසින් ඒකාබද්ධව ස්ථාපිත කෙරේ. 

ජාත්‍යන්තර සන්නිවේදන හැකියාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සිදු කළ වැදගත් දේශනයට වසර දෙකක් සපිරෙන අවස්ථාවේදී එම ඇකඩමිය අද(30) නිල වශයෙන් ස්ථාපිත කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය  සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, Renmin විශ්වවිද්‍යාලයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්, මහාචාර්ය  Zhang Donggang මහතා ද එම ඇකඩමිය විවෘත කිරීමේ උත්සවයට එක්වූහ.

නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන පර්යේෂණ ඇකඩමිය නිල වශයෙන් ස්ථාපිත කිරීම, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ දේශනයේ හරය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට චීන මාධ්‍ය සමූහය ක්‍රියාත්මක කළ නවමු පියවරකි. එය ජාත්‍යන්තර සන්නිවේදන න්‍යාය හා භාවිතයේ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීමේ නව්‍ය ක්‍රියාවක් වන අතර, චීන මාධ්‍ය සමූහය හා චීන Renmin විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර සන්නිවේදන කාර්යක්ෂමතාව පොදුවේ ඉහළ නැංවීමේ සහයෝගීතාවයකි. 

ගෝලීය මහජන අදහස් පරිසර විද්‍යාව හා කලාපීය රටවල සන්නිවේදන උපාය මාර්ග පර්යේෂණ පද්ධතිය, ගෝලීය මහජන අදහස් සහ මත විමසුම් සහ පර්යේෂණ පද්ධතිය, ජාත්‍යන්තර සන්නිවේදන නිපුණතාවන් පුහුණු කිරීමේ පද්ධතිය, ජාත්‍යන්තර හුවමාරු හා සංවාද පද්ධතිය යන පද්ධතීන් නිර්මාණය කිරීමට චීන මාධ්‍ය සමූහය, Renmin විශ්වවිද්‍යාලය සමග එක්ව කටයුතු කරනු ඇත. ‘චීන හඬින්’ චීනයේ සිදුවීම් හොඳින් ප්‍රචාරය කරමින්,ගෝලීය මහජන අදහස් පරිසරය ප්‍රතිනිර්මාණය කිරීමට දෙපාර්ශ්වය අඛණ්ඩව කටයුතු කරන බවද එහිදී ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම