ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඉහළ නැංවීමට ඊජිප්තුව හා තුර්කිය අතර එකඟතාවක්
2023-05-30 09:54:35
Share with:

ඊජිප්තුව හා තුර්කිය ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඉහළ නැංවීමට  එකඟ වේ.

ඊජිප්තු ජනාධිපති Abdel Fattah al-Sisi මහතා සහ තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා අතර ඊයේ (29) දුරකථන සංවාදයක් පැවැත්විණ. ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කිරීමට එහිදී නායක දෙපළ කැමැත්ත පළ කළහ. ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා කඩිනමින් ඉහළ නංවාලීමටත් දෙරට අන්‍යෝන්‍ය වශයෙන් තානාපතිවරයා පත්කර ගැනීමටත් එහිදී එකඟතාව පළ වූ බව ඊජිප්තු ජනපති මන්දිරය ඊයේ නිවේදනය කර තිබේ.

2013 වසරේ ඊජිප්තුවේ හිටපු ජනාධිපති Mohamed Morsi ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඊජිප්තු- තුර්කි සම්බන්ධතා පළුදු වීම හේතුවෙන් ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මට්ටම පහළ දැමීමට දෙරට කටයුතු කර තිබිණ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම