සර්බියාවේ Kosovo-Metohija ප්‍රාන්තයේ ආරක්ෂාව පිළිබඳ චීනයේ අවධානය
2023-05-30 17:24:49
Share with:

සර්බියාවේ Kosovo-Metohija ප්‍රාන්තයේ ආරක්ෂක තත්ත්වයට හානිකර ගැටුම් උත්සන්න වීම කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුවේ අද(30) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සිය ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට සර්බියාව ගත් උත්සාහයන්ට චීනය සහය වන අතර, ‘Pristina තාවකාලික ස්වයං පාලිත ආයතනය’ ඒකපාර්ශ්වීය ව මෙහෙයුමක් ආරම්භ කිරීමට විරුද්ධ වන බව ද ඇය පැවසුවාය. නේටෝ සංවිධානය සෙසු රටවල ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවයට ප්‍රායෝගිකව ගරු කරමින් කලාපීය සාමයට හිතකර වන සේ කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.

පසුගිය 29 වනදා නේටෝව ප්‍රමුඛ ‘Kosovo සාම සාධක හමුදා බලකාය’ හා Kosovo හි විශේෂ පොලිස් කණ්ඩායම ප්‍රචණ්ඩව කටයුතු කරමින්, විරෝධතා පෙළපාලියකට එක්ව සිටි සර්බියානු වැසියන් පිරිසක් පලවා හැරීමේදී විශාල සංඛ්‍යාවක් තුවාල ලැබූ බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම