ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දූෂිත ජලය මුහුදට බැහැර කිරීම පිළිබඳව සිදු කරන නිරීක්ෂණයේදී ජපානය සත්‍ය අනාවරණය කළ යුතුය
2023-05-30 20:18:01
Share with:

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දූෂිත ජලය මුහුදට බැහැර කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ආරක්ෂණ නිරීක්ෂණයකට මුහුණ දෙන ජපානය කරුණු පහක් පැහැදිලි කළ යුතුය.

ඊයේ (29) සිට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ විශේෂඥ කණ්ඩායමක් ජපානයේ පස් දින සංචාරයක් ආරම්භ කර ඇත. ජපාන මාධ්‍ය වාර්තාවලට අනුව, අවසාන තක්සේරු වාර්තාව නිකුත් කිරීමට පෙර එම ඒජන්සිය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දූෂිත ජලය මුහුදට බැහැර කිරීමේ ව්‍යාපෘතිය කෙරෙහි අවසාන ආරක්ෂණ නිරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. එම සංචාරය අතරතුර, රටවල් 11 ක විශේෂඥයින්, ජපන් රජයේ සහ ටෝකියෝ විදුලි බල සමාගමේ නියෝජිතයින් හමුවී, දූෂිත ජලය මුහුදට බැහැර කිරීමේ තත්ත්වයන් පරීක්ෂා කරන අතර අදාළ වාර්තාව එළඹෙන ජුනි මස නිකුත් කරනු ඇත.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Mariano Grossi මහතා පසුගිය දා සිදු කළ චීන සංචාරය අතරතුරදී පැහැදිලිව ප්‍රකාශ කළේ සිය ඒජන්සිය, ඕනෑම රටක් න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට බැහැර කරන්නේ නම් එය කිසිවිටක අනුමත නොකරන බවයි. ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන් උල්ලංඝනය කරන කිසිදු ක්‍රියාවකට එම ඒජන්සිය එකඟ නොවනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය. ජපානය අදාළ කරුණු පහ පැහැදිලිව ප්‍රකාශ කළ යුතු අතර ජාත්‍යන්තර ප්‍රජාවට ද ප්‍රතිචාර දැක්විය යුතුය.

පළමු ප්‍රශ්නය වන්නේ, ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දූෂිත ජලය පරිපාලනය කිරීම සඳහා පවතින එකම විසඳුම මුහුදට බැහැර කිරීම ද  ?

දෙවැන්න, ටෝකියෝ විදුලි බල සමාගම ඉදිරිපත් කරන න්‍යෂ්ටික දූෂිත ජලය පිළිබඳ දත්ත විශ්වාස කළ හැකි ද ?

තෙවැන්න, න්‍යෂ්ටික දූෂිත ජලය "පිරිසිදු කිරීමේ පහසුකම " සැබවින්ම සාර්ථක ද?

හතරවැන්න, න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම පරිසරයට ඇති කරන බලපෑම පිළිබඳව ජපානය තවමත් විද්‍යාත්මක තක්සේරුවක් ලබා නොදීමේ හේතු මොනවාද ?

අවසාන වශයෙන්, න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ සැලැස්ම සම්බන්ධයෙන් ජපානය අසල්වැසි රටවල්, ශාන්තිකර කලාපයේ දූපත් රටවල් මෙන්ම වෙනත් ඒ හා සම්බන්ධ පාර්ශ්ව සමඟ පූර්ණ ලෙස සාකච්ඡා නොකිරීමේ හේතු මොනවාද ?

වසර 12කට පෙර ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අනතුර ලෝකයට විශාල ව්‍යසනයක් ඇති කළේය. මේ වනවිට ජපානය කෙටිකාලීන ආත්මාර්ථකාමිත්වය සඳහා මානවයන්ගේ පොදු ජයග්‍රහණයට හානි සිදු කර ඇත. මෙම ක්‍රියාවට දැඩි ලෙස විරෝධය පළ කළ යුතුය. ජපානය ජාත්‍යන්තර වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු අතර, අසල්වැසි රටවල්, අනෙකුත් පාර්ශ්ව සහ අදාළ ජාත්‍යන්තර ආයතන සමග පූර්ණ ලෙස සාකච්ඡා කර එකඟතාවයකට එළඹිය යුතුය. මෙම ක්‍රියාවන්ට පෙර, ජපානය ඒක පාර්ශ්විකව දූෂිත ජලය මුහුදට බැහැර කිරීමට කිසිදු ඉඩක් නොමැති බව ද අවධාරණය කළ යුතුය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම