සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය
2023-05-30 14:05:35
Share with:

නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. පසුගිය දා ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයට පෙර එම තීරණය ගෙන ඇත. අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහා එම තීරණය ගෙන ඇත. පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව යළි ව්‍යාපෘතිය නවතා දැමීම සිදු කළ නොහැකි බව ද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම