විභාග පැවැත්වීමේදී සිසුන්ගේ පහසුවට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ජනපති පවසයි
2023-05-30 14:01:42
Share with:

දුෂ්කරතාවයකින් තොරව සිසුන්ට හුරු පුරුදු පරිසරයේම විභාගයට පෙනී සිටීමට පසුබිම සැකසීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

ඒ අනුව අවම වශයෙන් සිසුන් 75 දෙනෙකු පමණ විභාගයට සුදුසුකම් ලබා ඇති යම් පාසලක් වේද, එම පාසල විභාග මධ්‍යස්ථානයක් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ වන විට ආරම්භ වී ඇති විභාග කටයුතුවලට බාධා නොවන අයුරින් යම් පහසුවක් සැලසිය හැකි නම් ඒ වෙනුවෙන් ද ඉදිරි දින කිහිපය තුළ පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඊයේ (29) ආරම්භ වූ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මධ්‍යස්ථාන 3,568කදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 472,553ක් පෙනී සිටිති. ඒ වෙනුවෙන්  40,000කට ආසන්න රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් ද සේවයේ යොදවා ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම