Elon Musk ඇතුළු ලොව ව්‍යාපාරිකයින් චීනයට පැමිණීම සාදරයෙන් පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි
2023-05-30 16:08:08
Share with:

චීනය පිළිබඳව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ හිමි වන සහයෝගීතාවයන් ප්‍රවර්ධනය කිරීමට චීනයට පැමිණෙන ලෙස Elon Musk මහතා ඇතුළු විවිධ රටවල ව්‍යාපාරිකයින්ට ආරාධනා කරන බවත්, චීනය සෑමවිටම ඔවුන්ව සාදරයෙන් පිළිගන්නා බවත් චීන විදේශ අමාත්‍යාංශය පවසයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. චීනය ද බාහිර ලෝකය සමග සිදු කරන ඉහළ මට්ටමේ විවෘත කිරීම් දැඩි ලෙස ප්‍රවර්ධනය කරන අතර, වෙළඳපල-නැඹුරු සහ නීත්‍යානුකූල ජාත්‍යන්තර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී සිටින බව ද ඇය කියාසිටියාය. විදේශ අරමුදල් සහිත ව්‍යවසායකයන් චීනයේ ආයෝජනය කිරීම, චීන වෙළඳපොළ ගැඹුරු ලෙස ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධන අවස්ථා හුවමාරු කර ගැනීම පිළිබඳව චීනය ඉතා සතුටට පත් වන බව ද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම