20 වන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාතිකාරක්ෂක කමිටුවේ පළමු රැස්වීම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
2023-05-30 21:13:31
Share with:

20 වන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාතිකාරක්ෂක කමිටුවේ පළමු රැස්වීම අද(30) පැවැත්විණ. එය පැවැත්වුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටුවේ සභාපති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාතිකාරක්ෂක කමිටුවේ සභාපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙනි. එම රැස්වීමේදී හෙතෙම වැදගත් දේශනයක් ද සිදු කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ චින්තනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කරමින්, ජාතිකාරක්ෂාව මුහුණ දෙන සංකීර්ණ තත්ත්වය ගැඹුරු ලෙස අවබෝධ කර ගත යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය . ජාතිකාරක්ෂාවට අදාළ ප්‍රධාන කරුණු නිවැරදිව හඳුනාගෙන ජාතිකාරක්ෂක පද්ධතිය හා එහි හැකියාව නවීකරණය කිරීම කඩිනම් කළ යුතුව ඇත. එමෙන්ම නව ආරක්ෂණ ව්‍යුහයක් හරහා නව සංවර්ධන ප්‍රවේශයක් සහතික කරමින්,  ජාතිකාරක්ෂක කටයුතු සඳහා නව පරිච්ඡේදයක්  නිර්මාණය කිරීමට උත්සාහ කළ යුතු බවද ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම