එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා චීන හමුදාව 50,000කට අධික භට පිරිසක් යොමු කර ඇති බව චීනය පවසයි
2023-05-30 16:40:40
Share with:

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා චීන හමුදාව 50,000කට අධික භට පිරිසක් යවා ඇති බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවාය. 21 වන “ජාත්‍යන්තර සාම සාධක දිනය” මැයි 29 වැනිදාට යෙදී ඇත. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා චීනයේ සහභාගීත්වය තවදුරටත් පැහැදිලි කළ හැකි දැයි වාර්තාකරුවෙකු එම මාධ්‍ය හමුවේදී විමසුවේය.

ඒ සඳහා පිළිතුරු දෙමින් Mao Ning මහත්මිය ප්‍රකාශ කළේ, පසුගිය වසර 30 තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගී වීමට චීන හමුදාව විසින් නිලධාරීන් සහ සොල්දාදුවන් 50,000 කට අධික සංඛ්‍යාවක් රටවල් සහ කලාප 20 කට වැඩි ප්‍රමාණයකට යවා ඇති අතර, සාම සාධක භටයන් 27 දෙනෙකු එම මෙහෙයුම් අතරතුරදී සිය වටිනා ජීවිත පුද කර ඇති බවයි. වර්තමානයේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා චීනය දෙවන විශාලතම මුල්‍ය දායකයා වන අතර ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් අතර විශාලතම හමුදා දායකත්වය සපයන්නා ද වේ. චීන නිලධාරීන් සහ සොල්දාදුවන් 2,200 කට වැඩි පිරිසක් සාම සාධක මෙහෙයුම් ප්‍රදේශ 8 ක මේ වන විටත් සිය රාජකාරී ඉටු කරමින් සිටී. චීන සාම සාධක නිලධාරීන් සහ සොල්දාදුවන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ ප්‍රතිපත්තිවලට අවනත වන බවත්, විධානවලට අනුව දැඩි ලෙස ක්‍රියා කරන අතර විශ්වාසවන්තව සාම සාධක මෙහෙයුම් සිදු කරයි. එමෙන්ම ලෝක සාමය පවත්වා ගැනීමට සහ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට වැදගත් දායකත්වයක් ද ලබා දෙන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම