චීනයේ Shenzhou-16 ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසේ
2023-05-30 19:08:44
Share with:

Shenzhou-16 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය අද (30) චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සාර්ථකව සම්බන්ධ වූ බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය (CMSA) පවසයි. 

බෙයිංජිං වේලාවෙන් අද සවස 4:29 ට එහි මූලික මොඩියුලය වන Tianhe හි කේන්ද්‍රීය කවුළුව සමඟින් වේගවත්ව සහ ස්වයංක්‍රීයව සම්බන්ධ වෙමින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ස්ථානගත කර ඇත. මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා පැය 6.5 ක පමණ කාලයක් ගත වූ බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මේ වන විට රැඳී සිටින Shenzhou-15 ගගනගාමීන් කණ්ඩායම අද ප.ව.6:22ට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දොරටුව විවර කර Shenzhou-16 යානයේ ගගනගාමීන් පිළිගත්හ. එම ගගනගාමීන් කණ්ඩායම් දෙකම එක්ව දින පහක් තුළ නියමිත මෙහෙයුම් සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත. ඉන් අනතුරුව එම ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ  කක්ෂයේ භ්‍රමණයන් සිදු කරනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම