මූලික ආහාර සඳහා මිල සීමා පැනවීමට බ්‍රිතාන්‍යයේ අවධානය
2023-05-30 10:50:53
Share with:

පාන් සහ කිරි වැනි මූලික ආහාර ද්‍රව්‍ය සඳහා මිල සීමා පැනවීමට බ්‍රිතාන්‍ය සූදානම් වෙයි.

බ්‍රිතාන්‍යයේ Financial Times වෙබ් අඩවියේ  වාර්තාවලට අනුව, ඉහළ යන ජීවන වියදම  පාලනයට පාන් සහ කිරි වැනි මූලික ද්‍රව්‍ය සඳහා මිල සීමා පැනවීමට සිල්ලර වෙළෙන්දන්ගෙන් ඉල්ලා සිටීමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කරමින් සිටී. බ්‍රිතාන්‍ය රජය දැනටමත් ප්‍රංශයේ ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආරම්භකර තිබේ. ඒ, ප්‍රධාන  මූලික ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම මිළක් නියම කරන ලෙසට සිල්ලර අලෙවිකරුවන් ගෙන් ඉල්ලා සිටීමය.

වාර්තාවලට අනුව, 1973 වසරේ බ්‍රිතාන්‍ය හිටපු අගමැති Edward Richard George Heath මහතා මිල සීමා පැනවීමෙන් පසු, සුපිරි වෙළඳසැල් මිල කළමනාකරණය කිරීමට බ්‍රිතාන්‍ය ගන්නා විශාලතම උත්සාහය මෙයයි. කෙසේ වෙතත්, එම පාලන පියවර සිල්ලර අළෙවිකරුවන් විසින් ස්වේච්ඡාවෙන් සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරනය කළේය.

පසුගිය සතියේ නිකුත් වූ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, බ්‍රිතාන්‍යයේ මූලික උද්ධමනය අප්‍රේල් මාසයේදී 6.8% දක්වා ඉහළ ගොස් ඇති අතර, ගෙවී ගිය වසර 31ක් තුළ  වාර්තාවූ ඉහළම මට්ටම මෙයයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම