චීන විදේශ අමාත්‍යවරයා සහ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අතර හමුවක්
2023-05-30 20:23:17
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය චින් ගාන්ග් මහතා ටෙස්ලා (TESLA) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Reeve Musk මහතා හමු වේ.

එම හමුව අද(30) බෙයිජිංහිදී සිදු විය. ඉහළ මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව ක්‍රියාත්මක කරන චීනය ටෙස්ලා සමාගම ඇතුළු විවිධ රටවල ව්‍යාපාර වෙනුවෙන්, වඩා හොඳ වෙළඳපල නැඹුරු, නීත්‍යානුකූල සහ ජාත්‍යන්තරකරණය වූ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී සිටින බව චින් ගාන්ග් මහතා එහිදී පැවසීය. විධිමත්, ස්ථිර සහ සංවර්ධනාත්මක චීන-ඇමරිකා සම්බන්ධතාවයක් දෙරටටත් මුළු ලෝකයටත් ප්‍රතිලාභ හිමි කර දෙන බව ද ඔහු කියා සිටියේය.

ඇමරිකාව හා චීනය අතර සම්බන්ධතාවයේ පුළුල් ප්‍රතිලාභ පවතින බවත්, දෙරට එකිනෙකට බද්ධ වූ යාන්ත්‍රණයකින් සම්බන්ධවී සිටින බවත් Elon Reeve Musk මහතා පැවසීය. ගෝලීය නිෂ්පාදන හා ආර්ථික දාමයෙන් චීනය ඉවත් කිරීම පිළිබඳව සිය සමාගම දැඩිව විරුද්ධ වන බව ද ඔහු ප්‍රකාශ කළේය. චීනයේ සංවර්ධන අවස්ථා පොදුවේ හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන අතර, චීනයේ සිදු කරන ව්‍යාපාරික කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමට සූදානම් බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම