ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය
2023-05-29 17:33:20
Share with:

ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමට ගන්නා ඒකපාර්ශ්වික තීරණයට දැඩි ලෙස විරුද්ධ වන බව චීනය ප්‍රකාශ කරයි. චීන නියෝජිතයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා (27) ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවති 76 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේ අදාළ සාකච්ඡාවකට එක් වෙමිනි.

‍‍ෆුකුෂිමා දූපත් ආශ්‍රිත සාගරයේ රළ තරමක් ප්‍රබල වීම හේතුවෙන්,   දූෂිත ජලය මුහුදට මුදා හැරීම ආරම්භ කර වසර 10ක් ඇතුළත විකිරණ ද්‍රව්‍ය සමස්ත පෘථිවියේම සාගර කලාපවලට ව්‍යාප්ත වනු ඇතැයි චීන නියෝජිතයා එහිදී පෙන්වා දුන්නේය. සමස්ත මානව වර්ගයාටම එය අවදානමකි. එහෙයින් එය ගෝලීය මහජන සෞඛ්‍යයට බලපෑම් කරන බරපතල ගැටළුවක් මිස, ජපානයට පමණක් අදාළ වන පෞද්ගලික කරුණක් නොවේ. බොහෝ රටවල් හා අදාළ පාර්ශ්වයන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත. සියළුම පාර්ශ්ව සමග පොදු එකඟතාවයකට එළඹීමට පෙර, ජපානය දූෂිත ජලය මුහුදට මුදා හැරීම සිදු නොකළ යුතු බව චීන නියෝජිතයා එහිදී අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම