බොහෝ රටවල ජනතාව සිය රටේ පවතින දේශපාලන ක්‍රමය පිළිබඳව තෘප්තිමත් වන අතර, වටිනා සංකල්පයන් හා ක්‍රම පිළිබඳ විවිධ බාහිර බලවේගයන්ගේ මැදිහත්වීම් කිසිවිටක අවශ්‍ය නොවන බවත් සිංගප්පූරු උප අගමැති සහ මුදල් අමාත්‍ය Lawrence Wong මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
අද (29) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී සිංගප්පූරු උප අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශ්නයකට චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පිළිතුරු දුන්නාය. සියලු රටවලට ගැළපෙන පොදු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නොමැති බව ඇය එහිදී පෙන්වා දුන්නාය. සිය රටේ අනන්‍යතාවයට ගැළපෙන සහ ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කළ හැකි ක්‍රමයක් නම්, එය ‘සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක්’ හා ‘මනා ප්‍රජාතන්ත්‍රවාදයක්’ ලෙස හැඳින්විය හැකිය. චීනය හා සිංගප්පූරුව යන රටවල් දෙකේ පාලන ව්‍යුහය වෙනස් වුවද සිය අනන්‍යතාව සහිත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් වෙත ගමන් කිරීමට හැකි වූ බව ද මාඕ නිං මහත්මිය පැවසුවාය.