චීනය සමග මනා සබඳතාවක් වෙනුවෙන් ඇමරිකාව සිය ජ්‍යේෂ්ඨ පරපුරේ දේශපාලනඥයන් ගේ ප්‍රඥාව අනුමනය කිරීම අනිවාර්ය සාධකයක්
2023-05-29 10:35:01
Share with:

ඇමරිකානු ඉතිහාසය තුළ ඉහළම ජනප්‍රියත්වමක් හිමි, හිටපු රාජ්‍ය ලේකම්, ආචාර්ය Henry Alfred Kissinger පසුගිය 27වැනි දා සිය සියවන ජන්ම දිනය සැමරීය. මීට පෙර, ඇමරිකාවේ නව චීන තානාපති Xie Feng මහතා Kissinger මහතා හමු වී ඔහුගේ සියවන ජන්ම දිනයට සුබ පැතුම් පිරිනැමීය. චීන සංස්කෘතියේ දැක්වෙන කෘතගුණ දැක්වීම සහ ‘ චීන ජනතාවගේ පැරණි මිතුරෙකු ’ වන Kissinger මහතා චීන-ඇමරිකානු සබඳතාව තහවුරු කිරීමට දැක්වූ කැපවීම වෙනුවෙන් ආචාරය  පුද කිරීම එමගින් පිළිබිඹු කෙරේ.

1971 වසරේ Kissinger මහතා දෙරටේ එකල රාජ්‍ය නායකයන් සමග එක්ව, වෙනස් රාජ්‍ය ක්‍රම‍වේදයන් සතු රටවල් දෙකේ සබඳතාව සාමාන්‍යකරණයට ලක් කළේ ය. මෙය චීනයට හා ඇමරිකාවට පමණක් නොව සමස්ත ලෝකයට ද සාධනීය බලපෑම් එල්ල කර තිබේ. ගතවූ වසර 50කට වැඩි කාලයක් තුළ, ඇමරිකාව පිළිබඳ චීන ප්‍රතිපත්ති වෙනස්වී නොමැත. එහෙත්, මෑත වසර වලදී, චීනය පිළිබඳව අනවබෝධයෙන් චීනය සිය ප්‍රධාන ප්‍රතිවාදියා හා දිගුකාලීන අභියෝගයක් ලෙස ඇමරිකාව සලකයි. චීන-ඇමරිකානු සබඳතාවේ ඉරිතැලීම්වලට එය හේතු වී ඇත.

වත්මන් සැබෑ බහුධ්‍රැව ලෝකය තුළ, Henry Alfred Kissinger මහතා ගේ ප්‍රායෝගික දැක්ම අන්කවරදාටත් වඩා අත්‍යවශ්‍ය වන බව ඇමරිකානු Time සඟරාව පවසයි. ඇමරිකානු දේශපාලනඥයන් ප්‍රථමයෙන් ම අධ්‍යයනය කළ යුත්තේ තම රටේ ප්‍රතිලාභ නිසි පරිදි ප්‍රත්‍යක්ෂ කිරීමට ය. තම රටේ ප්‍රතිලාභ ආරක්ෂා කිරීම සඳහා චීනය සිය සතු‍රෙකු ලෙසට සැලකීම අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. මේ සම්බන්ධයෙන් Kissinger මහතා ප්‍රශස්ත ආදර්ශයකි.

ඇමරිකාව සිය ජ්‍යේෂ්ඨ පරපුරේ දේශපාලනඥයන් ගේ ප්‍රඥාව ලබා ගෙන චීනය පිළිබඳ යුක්ති සහගත ප්‍රතිපත්ති යළි අනුගමනය කරමින් චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන 3නේ නිසියාකාරයෙන් රැඳී සිටීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරේ. මෙය දෙරටේ ප්‍රතිලාභ වලට මෙන් ම ලෝක ප්‍රතිලාභ වලට ද හිතකර ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම