තුර්කියේ නව ජනාධිපතිවරයා ලෙස යළි පත් වූ වත්මන් ජනපතිට චීන ජනාධිපතිගෙන් සුබ පැතුම්
2023-05-29 19:15:56
Share with:

තුර්කියේ නව ජනාධිපතිවරයා ලෙස නැවත තේරීපත් වූ Recep Tayyip Erdogan මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  සුබ පැතුම් පිරිනමයි.

චීනය සහ තුර්කිය ප්‍රධාන සංවර්ධනය වෙමින් පවතින සහ නැගී එන වෙළෙඳපළ සහිත රටවල් දෙකක් වන අතර දෙරටම පොදු අයිතිවාසිකම් රැසක් හුවමාරු කර ගන්නා වන බව ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ. මෑත වසරවල චීන-තුර්කි උපායමාර්ගික සබඳතාව විධිමත්ව වර්ධනය වෙමින් පවතින අතර, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතාවය ධනාත්මක වර්ධනයක් ලබා තිබෙන බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි.

චීනය සහ තුර්කිය අතර සබඳතා සංවර්ධනය ඉතා වැදගත් කොට සලකන තමා, Recep Tayyip Erdogan මහතා සමග එක්ව දෙරටේ කේන්ද්‍රීය අයිතිවාසිකම් සහ ප්‍රධාන අවස්ථාවලදී අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. චීන-තුර්කි උපායමාර්ගික සහයෝගිතා සබඳතාවයේ ස්ථීර සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම