ආනයන සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය
2023-05-29 14:56:10
Share with:

ආර්ථිකය යම් ධනාත්මක දිශාවකට ගමන් කරමින් තිබීම හේතුවෙන්, විදේශ සංචිතවලට බලපෑමක් නොවන ආකාරයට ක්ෂේත්‍ර ගණනාවක් සඳහා පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එමෙන්ම දැනට බදු අයකර ගැනීමේදී පවතින දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකසා බදු ගෙවීම ක්‍රමානුකූල කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසා ඇති බවත්, එය ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

බදු කටයුතුවලට අදාළ නීතිමය කටයුතු සඳහා වෙනම අධිකරණයක් නොතිබීම හේතුවෙන් විශාල ප්‍රමාදයක් පවතින බැවින් , ඒ සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීමට යෝජනා කර ඇතැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම