චීන ජනපති ශක්තිමත් අධ්‍යාපනයක් සහිත රටක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කරයි
2023-05-29 20:02:47
Share with:

ශක්තිමත් අධ්‍යාපනයක් සහිත රටක් ගොඩනැගීමට උත්සාහ කරමින්, චීන ජාතිකයින්ගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය වෙනුවෙන් ප්‍රබල අනුබලයක් ලබා දිය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ අද(29) පස්වරුවේ පැවති පස් වැනි සාමූහික අධ්‍යයනයට සහභාගි වෙමිනි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කොට, ජනතා කේන්ද්‍රගත අධ්‍යාපනයේ නවීකරණය වේගවත් කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ජනතාවගේ සුබ සෙත අධ්‍යාපනයෙන් ගැඹුරු කොට ජාතික සමෘද්ධිය හා ශක්තිය ඉන් තහවුරු කළ යුතු අතර චීන ජාතියේ පුනර්ජීවනය සම්පූර්ණයෙන් ප්‍රවර්ධනය කිරීමට අධ්‍යාපනයෙන් ප්‍රබල සහයෝගයක් ලබා දිය යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම