චීනයේ ෂෙන් චෞ 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය හෙට උඩුගුවනට
2023-05-29 10:26:26
Share with:

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලයට අනුව, චීනයේ ෂෙන් චෞ 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය හෙට (30) පෙරවරුවේ 9:31 ට නිකුත් කිරීමට නියමිතයි.

ෂෙන් චෞ 16 කාර්ය මණ්ඩලය ගගනගාමීන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර, Jing Haipeng මහතා එහි ප්‍රධාන අණදෙන නිළධාරියා ලෙසට ක්‍රියා කරයි. අභ්‍යවකාශ පියාසර ඉංජිනේරු Zhu Yangzhu මහතා සහ පැටවුම් විශේෂඥ Gui Haichao මහතා සෙසු සාමාජිකයෝ වෙති.

ෂෙන් චෞ 16 මිනිසුන් සහිත මෙහෙයුම මෙම වසරේ චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ වැඩසටහනේ දෙවන මෙහෙයුම වන අතර එය අභ්‍යාවකාශ මධ්‍යස්ථන භාවිතය සහ සංවර්ධන අදියර සඳහා වන පළමු මිනිසුන් සහිත මෙහෙයුම ද වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම