ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
2023-05-29 14:46:09
Share with:

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ වෙත පිළිගැන්වීය.

ඓතිහාසික මහියංගනය පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුත්තකට සහභාගී වූ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ (28) පස්වරුවේ මහියංගනය පුද බිම වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

විල්ලුව වැව මධ්‍යයේ ඉදිකළ අඩි 102 ක් පමණ උසින් යුත් සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

ඓතිහාසික මහියංගනය මහ සෑ රඳුන්ගේ ආරක්ෂාව පිණිසත්, විහාර අලංකරණය පිණිසත් ඉදිකළ අඩි 2500ක දිගින් යුත් වලාකුළු බැම්ම විවෘත කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම