තුර්කි ජනාධිපතිවරණයෙන් එර‍ට වත්මන් ජනපතිට ජය
2023-05-29 09:00:11
Share with:

තුර්කි ජනාධිපතිවරණයෙන් එර‍ට වත්මන් ජනාධිපති  Recep Tayyip Erdogan ජය ගෙන ඇති බව තුර්කි මැතිවරණ කවුන්සලය නිවේදනය කරයි. මූලික ප්‍රතිඵලවලට අනුව ඔහු ජනාධිපතිවරණයෙන් ජය ගෙන ඇතැයි තුර්කි මැතිවරණ කවුන්සලයේ සභාපතිවරයා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය. Erdogan සියයට 52.14ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇත. ඔහුගේ ප්‍රතිවාදියා වන Kilicdaroglu ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සියයට 47.86කි. සියයට 99 කට අධික ඡන්ද පෙට්ටි සංඛ්‍යාවක ඡන්දය ගණන් කර ඇතැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරණයේ මූලික වටයේ දී Erdogan සියය‍ට 49.52ක ඡන්ද ප්‍රමාණයක් ල‍බා ගෙන සිටි අතර Kilicdaroglu ට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව සියයට 44.8කි. සියයට 50කට අධික ඡන්ද ප්‍රමාණයක් කිසිදු අපේක්ෂකයෙක් විසින් ලබා නොතිබීම හේතුවෙන් තුර්කි ජනාධිපතිරවණ ඉතිහාසයේ ප්‍රථම වරට දෙවන වටයේ ඡන්ද විමසීමක් ද පැවති අතර ඉන් වත්මන් ජනාධිපතිවරයා සිය බහුතර ඡන්ද සංඛ්‍යාව සම්පූර්ණ කර ගැනීමට සමත්විය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම