සමාජවාදී නවීකරණය හරහා චීනයේ අනාගත සංවර්ධනයට නව බලාපොරොත්තුවක් එක් කළ චීන ජනාධිපති ෂී ජිං පින් මහතාගේ පාලන දැක්ම
2023-05-29 09:23:20
Share with:

චීනය ලෝකයේ බලවත් ආර්ථිකයක් හිමි රටක් ලෙස වේගයෙන් ඉදිරියට පැමිණ ඇත.  ගෙවුණු දශක කිහිපය තුළ චීනයේ එම සංවර්ධන ගමන්මඟ පිළිබඳ විමසා බලන විට එය ඉතාම විශ්මයජනකය. වර්තමානයේ ඔවුන් සිය ආර්ථික සැලසුම් ගෝලීය වශයෙන් ද මෙහෙයවමින් සිටී. ඒ සදහා චීන ජනාධිපති ෂී ජිං පින් මහතාගේ පාලන දැක්ම මනා පිටුබලයක් වී තිබේ. ඔහුගේ නායකත්වය යටතේ ආර්ථික බලය ශක්තිමත්ව පවත්වා ගනිමින්, චීනය නව ඇරඹුමක් ඔස්සේ ඉදිරියට ගමන් කරනු දැකිය හැකි බව හිටපු පුවත්පත් කතෘ සහ මාධ්‍යවේදී රංජිත් කුමාර සමරකෝන් මහතා පවසයි.

ෂී ජිං පින් මහතාගේ පාලනය ආරම්භ වීමෙන් පසු, චීනයේ පරිවර්තනය ආරම්භ වූයේ දූෂණයට එරෙහි දැවැන්ත වැඩසටහනක් ද සමගයි. ඒ හරහා පිරිසිදු පාලන තන්ත්‍රයක් ගොඩනැගූ ඔහු සියලු රටවල් සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමට ද සමත් වූ බව හෙතෙම කියාසිටියේය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට මාර්ෂල් සැලැස්ම වැනි ක්‍රම භාවිත කළේය. නමුත් චීනය සියලු අවස්ථාවන්හිදී ගෝලීය වශයෙන් හිතකර ප්‍රවේශයන් වෙත යොමු විය. ෂී ජිං පින් මහතාගේ නායකත්වය යටතේ වසර දහයක් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වූ  "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ එවැනි සාධනීය සංවර්ධන ප්‍රවේශයකි. එමෙන්ම චීනයට අනන්‍ය සමාජවාදී ලක්ෂණ සමග සංවර්ධනය ළඟා කර ගැනීමේ අවශ්‍යතාවය චීන ජනාධිපතිවරයා හැම විටම අවධාරණය කර ඇත. යුගයේ අවශ්‍යතාවය මනාව හඳුනාගනිමින් සහ රටේ මානව සම්පත නිවැරදිව මෙහෙයවමින්, ඔහු සමාජවාදී නවීකරණය හරහා චීනයේ අනාගත තිරසර සංවර්ධනයට නව බලාපොරොත්තුවක් ලබා දී ඇති බව ද රංජිත් කුමාර සමරකෝන් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම