දේශපාලන විසඳුම් මගින් යුක්රේන අර්බුදය විසඳා ගැනීමට අඛණ්ඩව සහය ලබා දෙන බව චීනය පවසයි
2023-05-29 17:31:26
Share with:

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(29) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. පසුගිය 15 වනදා සිට 26 වනදා දක්වා චීන රජයේ යුරෝපා-ආසියානු කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත Li Hui මහතා යුක්රේනය, පෝලන්තය, ප්‍රංශය, ජර්මනිය සහ රුසියාව යන රටවල්වලත්, යුරෝපා සංගමයේ මූලස්ථානයටත් සංචාරය කර ඇත. දේශපාලන විසඳුම් මගින් යුක්රේන අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන්, එහිදී ඔහු ඒ ඒ පාර්ශ්වයන් සමඟ පුළුල් අදහස් හුවමාරු කර ගත්තේය. චීනය දරන ස්ථාවරය පැහැදිලි කළ ඔහු විවිධ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනාවලට සවන් දුන්නේය. මේ හරහා වඩා උසස් පොදු එකඟතාවයන්ට එළඹීමට හැකි වී තිබේ. Li Hui මහතාගේ මෙම සංචාරයට ඉහළ වැදගත්කමක් ලබා දෙමින්, අදාළ පාර්ශ්වයන් සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමේ චීනයේ සක්‍රීය කාර්යභාරය පිළිගත්හ.

සියලු පාර්ශ්වයන්ගෙන්, ස්වාධිපත්‍යයට හා භෞමික අඛණ්ඩතාවයට ගරු කරමින්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම හා ප්‍රතිපත්ති අනුගමනය කිරීම පිළිබඳ චීනය කළ ඉල්ලීම අගය කළ ඒ ඒ පාර්ශ්වයෝ, චීනය අඛණ්ඩව ඵලදායී දායකත්වයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා පළ කළහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම