වවුචර්පත්වලට අදාළව කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි
2023-05-29 14:54:09
Share with:

රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වවුචර්පත්වලින් මිල දී ගත යුතු යැයි කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා අවධාරණය කරයි.

මෙම යල කන්නයේ දී පොහොර ලබා ගැනීම සඳහා රජය විසින් සහනාධාර වශයෙන් ලබා දෙන වවුචර්පත්වලට ගොවි ජනතාවගේ කැමැත්ත පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගත හැකිය. එසේම සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර වශයෙන් නිර්දේශ කිරීමක් මෙම යල කන්නය සඳහා සිදු කර නොමැත.

මේ සම්බන්ධව අවශ්‍ය සියලු කරුණු පැහැදිළිව ගොවීන් වෙත ලබා දී තිබෙන උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර තිබේ. ඒ අනුව ගොවි ජනතාවට පොහොර ලබා ගැනීමේ දී තම අභිමතය පරිදි කටයුතු කළ හැකිය.

මෙවර යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීම අරමුණු කර ගනිමින් සහ ගොවි නිෂ්පාදන වියදම් අවම කිරීම සඳහා පොහොර මිල දී ගැනීමට මුල්‍යමය සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට  ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ද අනුමැතිය පළ කර ඇත.

ගුවන් විදුලිය
20230923සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම