චීනයේ ෂෙන් චෞ 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයේ අවසාන ඒකාබද්ධ අභ්‍යාසය සාර්ථකයි
2023-05-28 19:13:48
Share with:

චීනයේ ෂෙන් චෞ 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය අවසාන ඒකාබද්ධ අභ්‍යාසය නිම කරයි.

අද (28) පෙරවරුවේ ආරම්භ වූ එම අභ්‍යාසය සඳහා බෙයිජිං ගුවන් පාලන මධ්‍යස්ථානයේ මඟපෙන්වීම යටතේ, ජියො ඡවං (Jiuquan) චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානය, ශි අන් (Xi'an ) චන්ද්‍රිකා අධීක්ෂණ හා පාලන මධ්‍යස්ථානය සහ විවිධ අධීක්ෂණ හා පාලන උපමධ්‍යස්ථාන එක් විය. ෂෙන් චෞ 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය අභ්‍යවකාශගත කිරීමට පෙර සිදු කෙරුණු අවසාන ඒකාබද්ධ අභ්‍යාසය මෙයයි.

මේ වන විට අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමේ මෙහෙයුම් පද්ධතිවල අදාළ ක්‍රියාකාරීත්ව පරීක්ෂණය සම්පූර්ණ කර ඇති අතර අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමේ සියලු සූදානම් කටයුතු නිම කර ඇත.

ෂෙන් චෞ 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයට එක් වන ගගනගාමීන් තිදෙනා මේ වන විට ශාරීරික, මානසික හා තාක්ෂණික වශයෙන් සූදානමින් සිටිති. ෂෙන් චෞ 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමෙන් පසු ඔවුන් දැනට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් තිදෙනා හමු වීමට නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම