සටන් විරාම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා සාකච්ඡා කිරීමට සුඩාන වේගවත් ආධාරක බලකායේ එකඟත්වය පළ‍ කරයි
2023-05-28 16:25:24
Share with:

සුඩාන වේගවත් ආධාරක බලකාය ඊයේ(27) ප්‍රකාශ කළේ, ඉදිරි දින දෙක තුළ, දින 7ක තාවකාලික සටන් විරාම ගිවිසුම දීර්ඝ කිරීම  සාකච්ඡා කිරීමට සූදානම් කර ඇති බවයි.

සුඩාන සන්නද්ධ හමුදා සහ සුඩාන වේගවත් ආධාරක බලකා නියෝජිතයන්, පසුගිය 20වැනිදා සෞදි අරාබියේ Jeddah නගරයේ දී, තාවකාලික දින 7ක සටන් විරාම ගිවිසුමකට එකඟවූහ. මෙම ගිවිසුම 29 වන දින Khartoum වේලාවෙන් 21:45 ට අවසන් වේ. සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ දා සිට, සුඩානයේ Khartoum ප්‍රාන්තයේ උග්‍ර ගැටුම් තත්ත්වය සැලකිය යුතු ලෙස මර්ධනය වී ඇත.

මෙවර සටන් විරාම ගිවිසුමේ වටය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සුඩාන සන්නද්ධ හමුදාවන් තවමත් සිය ස්ථාවරය ප්‍රකාශ කර නොමැත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම