4වැනි ජාත්‍යන්තර රෙදි පිළි ප්‍රදර්ශනය පාකිස්ථානයේ දී
2023-05-28 16:04:43
Share with:

4වැනි ජාත්‍යන්තර රෙදි පිළි ප්‍රදර්ශනය පාකිස්ථානයේ ඇරඹේ. පසුගිය 26වැනි දා සිට 28වැනි දා දක්වා ප්‍රදර්ශනය එරට Karachi නගරයේ දී පැවැත්විණ. පාකිස්ථාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා එම උත්සවයේදී සමරු ඵලකය නිරාවරණට එක්විය.

රෙදි පිළි කර්මාන්තය පාකිස්ථාන අපනයනය සඳහා වන ප්‍රධාන කර්මාන්තයක් වන අතර, එය තම රටේ සමස්ත අපනයනයෙන් 60%ක අගයක් ගන්නා බව Shahbaz Sharif මහතා එහිදී පැවසීය. විදේශ ආයෝජනයන් තම රටේ ආර්ථික වර්ධනය තහවුරු කිරීමේ තීරණාත්මක සාධකයකි. අනාගතයේ දී වඩාත් වැඩි ජාත්‍යන්තර සහයෝගිතා පාකිස්ථානයේ සිදු කළ හැකි වනු ඇති බවට හෙතෙම අපේක්ෂා පළ කරයි.

කලාල, පාකිස්ථානය විසින් අපනයනය කරන ලද ප්‍රධාන රෙදි පිළි නිෂ්පාදිතයකි. එම ප්‍රදර්ශනයට එක්ව සිටින ව්‍යවසායකයන් පවසන්නේ චීනය සිය කලාල නිෂ්පාදිතයන්ට මනා වෙළඳපොළක් බවයි. එමගින් ඔවුන් වෙත වඩාත් පුළුල් අවස්ථා ගෙන දී ඇති බව ද ඔවුන්ගේ අදහස වී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම