ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන් ගන්න විභාගයට නීති අනුමැතිය පතනවා
2023-05-28 16:53:32
Share with:

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත අත්හිටවූ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවාගැනීමේ විභාගය නැවත පැවැත්වීමේ අවසරය ලබාගැනීමට නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට අපේක්ෂා‌ කරන බව සභානායක, අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ අවසරය හිමි වුව හොත් කෙටි කාලයක් තුළ අදාළ විභාගය පවත්වා, ගුරුවරුන් බඳවාගැනීමේ කටයුතු සිදු කරන බවද ඇමැතිවරයා පැවසීය. එමෙන්ම විද්‍යාපීඨ ගුරු පත්වීම් 7,500ක් ජූනි 15 දා සිදු කිරීමට නියමිත අතර, අලුතින් ඇති වන පුරප්පාඩු සඳහා අත්‍යවශ්‍ය විෂයයන්ට උපාධිධාරීන් බඳවාගැනීම පිණිස දැනට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම