ධවල මන්දිරය සහ රිපබ්ලිකානුවන් ප්‍රතිපත්තිමය වශයෙන් ණය සිමා ගිවිසුමකට එළඹේ
2023-05-28 16:37:50
Share with:

අමෙරිකානු ණය සීමාව ඉහළ නැංවීමට සහ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂය අතර 27 වැනිදා "ප්‍රතිපත්තිමය එකඟතාවයකට" එළඹ තිබේ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් ගිවිසුම එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලයට සහ සෙනෙට් සභාවට ඉදිරිපත් කෙරෙන බවත් එය වහාම සම්මත කරන දෙන ලෙසත් ඉල්ලා සිටියේය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එළඹෙන බදාදා(31) ඒ පිළිබඳව ඡන්දය ප්‍රකාශ කරන බව කථානායක කෙවින් මැකාති පැවසීය. ජනාධිපතිවරයා සහ කතානායකවරයා යන දෙදෙනාම ගිවිසුමේ කිසිදු විස්තරයක් විධිමත් ලෙස හෙළිදරව් කර නැත.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ නොසැලකිලිමත් වියදම් නැවැත්වීම, වියදම් නොකළ COVID අරමුදල් ආපසු ලබා ගැනීම සහ බයිඩන්ගේ නව බදු යෝජනා ක්‍රම අවහිර කිරීම මගින් වොෂින්ටනයේ විශාල, ප්‍රතිවිපාක වෙනසක් ලබා දීමට රිපබ්ලිකානුවන් සූදානම් බව මැකාති පැවසීය.

ජූනි 5 වැනිදා වන විට කොන්ග්‍රසය ණය සීමාව ඉහළ නැංවීමට හෝ අත්හිටුවා නොමැති නම්, රජයේ වගකීම් සපුරාලීමට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් සම්පත් නොමැති බව භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් 26 වැනිදා පැවසීය.

කොන්ග්‍රස් පර්යේෂණ සේවයේ වාර්තාවකට අනුව දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව ණය සීමාව 102 වතාවක් වෙනස් කර ඇත.

 

 

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම