ආයෝජකයන්ට වඩාත් හිතකාමී පරිසරයක් නිර්මාණය කර තිබේ-ජනපති පවසයි
2023-05-27 17:41:38
Share with:

“ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපාන ආයෝජනවලට ඇති අවස්ථා” යන මැයෙන්

 26වැනිදා ටෝකියෝ නුවර පැවති ව්‍යාපාරික වට මේස සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බවයි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් JETRO ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මේ හමුව සංවිධාන කර තිබිණ.

ශ්‍රී ලංකාවේ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමේ සහ විවෘත කිරීමට ගෙන ඇති නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ මෙන්ම ඒ සඳහා වූ සිය කැපවීම අවධාරණය කළේය. අත්‍යවශ්‍ය ආර්ථික හවුල්කරුවකු ලෙස ජපානයේ වැදගත්කම ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවත් දෙරට අතර සහයෝගිතාව ඉහළ නංවා ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි බවත් ජනාධිපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ නිපුණ ශ්‍රම බළකාය ජපාන සමාගම්වලට කලාපයේ සිය මෙහෙයුම් පුළුල් කිරීමට දොරටු විවර කරනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම