චීන වාණිජ ඇමති ඇමරිකානු වෙළඳ නියෝජිත හමුවෙයි
2023-05-27 17:38:59
Share with:

චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ (Wang Wentao) මහතා ඇමරිකානු වෙළඳ නියෝජිත කැතරින් තායි (Katherine Tai) මහත්මිය ඊයේ(26) හමු වී සාකච්ඡා පැවැත්වීය. ඇමරිකාවේ ඩෙට්‍රොයිට් හි පැවති 2023 APEC අමාත්‍යවරුන්ගේ දෙදින වෙළඳ රැස්වීමට සමගාමීව මෙම හමුව සිදු විය.

දෙපාර්ශ්වය චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සබඳතා මෙන්ම පොදු අවධානයට ලක්වන කලාපීය සහ බහුපාර්ශ්වික ගැටළු පිළිබඳ "අවංක, ප්‍රායෝගික සහ ගැඹුරු" අදහස් හුවමාරු කර ගත්හ.

චීනය සමඟ ආර්ථිකය සහ වෙළඳාම පිළිබඳ ඇමරිකානු ප්‍රතිපත්ති, ආර්ථික හා වෙළඳ අංශයේ තායිවානය ආශ්‍රිත ගැටළු, "ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව" සහ තීරුබදු 301 වගන්තිය වැනි ප්‍රධාන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර හුවමාරු සහ සන්නිවේදනය පවත්වා ගැනීමට දෙපාර්ශවය එකඟ විය.

25වැනිදා වොෂින්ටනයේදී ඇමරිකානු වාණිජ ලේකම් ජිනා රයිමන්ඩෝ සමඟ පැවති සාකච්ඡාවලදී, චීනය සමඟ ආර්ථිකය, වෙළඳාම සහ අර්ධ සන්නායක පිළිබඳ එක්සත් ජනපද ප්‍රතිපත්ති පිළිබඳව මෙන්ම අපනයන පාලනය සහ පිටතට යන ආයෝජන සමාලෝචනය සම්බන්ධ ගැටළු පිළිබඳව ද වැන්ග් වෙන්ටාඕ මහතා මෙහිදී අවධානය යොමු කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම