ඇමරිකානු භාණ්ඩාගාරය ණය පැහැර හැරීමේ කාලසීමාව ජුනි 5 දක්වා දීර්ඝ කරයි
2023-05-27 17:45:35
Share with:

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් 26 වැනිදා රජයේ වගකීම් පැහැර හැරීමේ මුල්ම දිනය ජූනි 1වැනිදා සිට 5 දක්වා දීර්ඝ කර ඇත. ධවල මන්දිරයට සහ කොන්ග්‍රස් රිපබ්ලිකානුවන්ට ණය ගෙවීම සඳහා වැඩි කාලයක් එමඟින් ඉතිරි වී තිබේ.

ජැනට් යෙලන් කොන්ග්‍රස් නායකයින්ට ලිපියක් යවමින් ප්‍රකාශ ‍කළේ ණය සීමාව ඉහළ නැංවීම හෝ අත්හිටුවීම නොකරන්නේ නම්, රජයේ වගකීම් ඉටු කිරීමට භාණ්ඩාගාරයට ප්‍රමාණවත් සම්පත් නොමැති බවට ඇස්තමේන්තු කර ඇත බවයි.ජූනි මස මුලදී කල් පිරෙන සුරැකුම්පත් සඳහා භාණ්ඩාගාරයේ ණය ගැනීමේ පිරිවැය සැලකිය යුතු ලෙස වැඩි වන බවට අනතුරු ඇඟවූ ජැනට් යෙලන් එමඟින් ඇතිවිය හැකි අවදානම් පිළිබඳව දිගින් දිගටම අනතුරු ඇඟවීය.

ණය සීමාව අවහිර වීම අඛණ්ඩව ක්‍රියාත්මක වූ බැවින් AAA ශ්‍රේණිගත කිරීමට අනුව දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නකු ලෙස ඇමරිකාවේ ශ්‍රේණිගත කිරීම "සෘණාත්මක අධීක්ෂණයක්" මත තබා ඇති බව ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් ආයතනය 24 වැනිදා නිවේදනය කළේය.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම