කටුනායක ප්‍රභූ පර්යන්තයේ අධි තාක්ෂණික යන්ත්‍ර සවි කිරීමට උපදෙස්
2023-05-27 17:42:17
Share with:

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට  උපදෙස් ලබාදී තිබේ.

ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත. ගුවන් මගීන් රැගෙන එන ගමන්මලු පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික පහසුකම් නොමැති බව රේගු නිලධාරීන් ප්‍රකාශ කර තිබිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම