චීන සෞඛ්‍ය ආයතනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි
2023-05-27 19:08:27
Share with:

76වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනයේ දී 2023 මහජන සෞඛ්‍ය ත්‍යාගයේ Kuwait රාජ්‍ය සෞඛ්‍ය ප්‍රවර්ධන පර්යේෂණ සම්මානය චීනයේ නිදන්ගත සහ බෝ නොවන රෝග සඳහා රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය වෙත පිරිනැමේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පැවැත්වෙන සම්මේලනයේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ(26) මෙම සම්මානය පිරිනමන ලදී.

එම චීන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා Wu Jing මහත්මිය  සම්මන්ත්‍රණයේදී පිළිගැනීමේ කථාව කරමින් පැවසුවේ, මෙම සම්මානය චීනයේ වැඩිහිටි සෞඛ්‍ය සේවා සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වූ පිළිගැනීමක් බවයි. චීනය සෑම විටම වැඩිහිටියන්ගේ සෞඛ්‍යයට විශාල වැදගත්කමක් ලබා දෙන අතර, ජනගහනය වයස්ගත වීම සඳහා ක්‍රියාකාරීව ප්‍රතිචාර දැක්වීම චීනයේ ප්‍රමුඛතා සංවර්ධන උපාය මාර්ගයක් බව, Wu Jing මහත්මිය සඳහන් කළා ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිහිටුවන ලද Kuwait රාජ්‍ය සෞඛ්‍ය ප්‍රවර්ධන පර්යේෂණ සම්මානයේ අරමුණ වන්නේ වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය රැකවරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ පර්යේෂණ සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් පුද්ගලයන්, ආයතන හෝ රාජ්‍ය නොවන සංවිධාන වෙත ත්‍යාග පිරිනැමීමයි.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම