ඉන්ධන කෝටාවේ වෙනසක්
2023-05-27 17:43:00
Share with:

දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එළඹෙන ජුනි මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බවය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම