ඇමරිකාව ණය පැහැර හැරීමේ කාලසීමාවට ළඟා වේ
2023-05-26 10:31:57
Share with:

ඇමරිකාව ණය පැහැර හැරීමේ කාලසීමාවට ළඟා වෙමින් සිටින නමුත්, ඇමරිකානු ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ අතර ණය සීමාව පිලිබඳ සාකච්ඡා තවමත් අවිනිශ්චිතතාවයක පවතින අතර, ඔවුන් තවමත් ණය ප්‍රශ්නය සම්බන්ධයෙන් එකිනෙකාගෙන් වගකීම් පැහැර හරිමින් සිටිති.

2024 මූල්‍ය වර්ෂයේදී ෆෙඩරල් අයවැය වියදම් විශාල පරිමාණයෙන් කපා හැරීමට ඇමරිකානු රජය පොරොන්දු වුවහොත් පමණක්, ණය සීමාව ඉහළ නැංවීමට හෝ ණය සීමාව අත්හිටුවීමට කොංග්‍රසයට අවසර දීමට රිපබ්ලිකන් නියෝජිතයින් එකඟ වන බව ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක Kevin McCarthy අවධාරණය කළේය.

වර්තමාන වියදම් මට්ටම පවත්වා ගනිමින්, මහා පරිමාණ ඛණිජ තෙල් හා ඖෂධ සමාගම්වලට බදු පැනවීමෙන් මූල්‍ය හිඟය අඩු කර ගැනීම ඇමරිකානු ජනාධිපති Joseph Biden ගේ අදහසකි. නමුත්, බදු පැනවීම මගින් රාජ්‍ය ආදායම වැඩි කිරීමේ යෝජනාවට රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයන් එකඟ වන්නේ නැත.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම