චීන-භූතාන දේශසීමා පිළිබඳ සාකච්ඡා සාර්ථක අදියරට එළඹේ
2023-05-26 19:01:51
Share with:

චීනය හා භූතානය අතර දේශසීමා ප්‍රශ්නය පිළිබඳ විශේෂඥයන්ගේ 12 වැනි සමුළුව පැවැත්වේ.

පසුගිය 24 වනදා සිට 25 වනදා දක්වා චීනය හා භූතානය අතර දේශසීමා ප්‍රශ්නය පිළිබඳ විශේෂඥයන්ගේ කණ්ඩායමේ 12 වැනි සමුළුව භූතානයේ තිම්බු අගනුවරදී පැවැත්විණ. චීනයේ Kunming නගරයේ පැවති 11 වැනි සමුළුවේදී පැමිණ ඇති එකඟතාව සිහිපත් කරමින් දෙරටේ දේශසීමා පිළිබඳ සාකච්ඡා සඳහා "පියවර තුන" සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුම ක්‍රියාවට නැංවීමට දෙපාර්ශ්වය අවංකව හා විශ්වසනීයත්වයෙන් සාකච්ඡා කර තිබේ. කඩිනමින් ලබන විශේෂඥයන්ගේ සමුළුව පැවැත්වීමට හා 25 වැනි චීන භූතාන දේශසීමා සාකච්ඡාව පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වූහ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම