චීන-අප්‍රිකා සබඳතාවය නව යුගයකට ප්‍රවේශ වන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
2023-05-26 10:11:22
Share with:

“අප්‍රිකා දිනය” සැමරීමේ පිළිගැනීමේ උත්සවයට චීන විදේශ අමාත්‍යංශ Qin Gang මහතා සහභාගි වෙමින් දේශනයක් පැවැත්වීය. ඊයේ (25) බෙයිජිංහිදී පැවති එම උත්සවයට ඉතියෝපියාවේ උප අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය Demeke Mekonnen මහතා, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ උප අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය Christophe Lutundula මහතා මෙන්ම චීනයේ අප්‍රිකානු රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝ ද සහභාගි වූහ.

අප්‍රිකාව සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ අවංක හා මිත්‍රශීලී ප්‍රතිපත්තිය යටතේ, වඩා සමීප පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකානු ප්‍රජාවක් ගොඩනැගීමේ නව යුගයකට චීන-අප්‍රිකානු සබඳතාව අවතීර්ණය වී ඇති බව Qin Gang මහතා එහිදී පැවසීය. වර්තමානයේදී, දෙපාර්ශ්වයම නවමු අවස්ථාවලට මුහුණ දෙමින් සිටින බවත්, පෙරටත් වඩා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

චීනය සමඟ පවතින මිත්‍රත්වය අප්‍රිකාව ඉතා වැදගත් කොට සලකන අතර, පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකානු ප්‍රජාවක් හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට එක්ව කටයුතු කිරීමට අප්‍රිකාව කැමැත්තෙන් සිටින බව ද Demeke Mekonnen මහතා සහ Christophe Lutundula මහතා එහිදී පෙන්වා දුන්හ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම