කොංගෝව හා චීනය පූර්ණ උපාය මාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව පිළිබඳ ඒකාබද්ධ නිවේදනය නිකුත් කරති
2023-05-26 20:09:23
Share with:

පූර්ණ උපාය මාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව පිළිබඳ ඒකාබද්ධ නිවේදනය කොංගෝව හා චීනය නිකුත් කරති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවට අනුව කොංගෝ(Kinshasa) ජනාධිපති Felix Tshisekedi මහතා පසුගිය 24 වනදා සිට ලබන 29 වනදා චීනයේ නිල සංචාරයක නිරත වෙමින් සිටී. දෙරටේ නායක හමුවේදී චීන කොංගෝ සබඳතාව, චීන අප්‍රිකා සබඳතාව හා පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කරමින් වැදගත් එකඟතාවන්වලට පැමිණ ඇත. කේන්ද්‍රීය ප්‍රතිලාභ සම්බන්ධ ප්‍රශ්න හා ජාත්‍යන්තර කටයුතු අතින් අන්‍යෝන්‍ය සහය ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සබඳතා මූලධර්මය පදනම් කර ගන්නා ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කිරීමට දෙපාර්ශ්වය එකඟ වේ. දෙපාර්ශ්වය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල යටතේ අධි ගුණාත්මක භාවයෙන් යුතු සහයෝගිතා පුළුල් කරනු ඇත. ගෝලීය සංවර්ධන මුලපිරුම පිළිබඳ මිත්‍රශීලි කණ්ඩායමට කොංගෝව එක්වීම චීනය පිළි ගනී. ද්විපාර්ශ්වික හා බහු පාර්ශ්වික මට්ටමේ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ඨාචාර මුලපිරුම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් චීනය සමග සහයෝගිතා ශක්තිමත් කිරීමට කොංගෝව කැමැත්තෙන් සිටී.

Felix Tshisekedi මහතාගේ සංචාරය සාර්ථක වන අතර ඉන් දෙරටේ සබඳතා වර්ධනය හා නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන අප්‍රිකා ඒකකය ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට දැවැන්ත අර්ථයක් ඇති බව දෙපාර්ශ්වය විශ්වාසය පළ ක‍ළහ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම