ආනයන ලිහිල් කිරීම ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්
2023-05-26 19:00:39
Share with:

මෙරට ආර්ථික වර්ධනය ඉදිරියේදී වැඩිදියුණුවීමත් සමඟ ආනයන සඳහා පනවා ඇති සීමාවන් ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඊයේ(25)මේ බව සඳහන් කළේය.  

උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යෑම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට සිදුවිණ. 70%ක් දක්වා උපරිමයට ගිය උද්ධමනය මේ වන විට 30% මට්ටම දක්වා පැමිණ ඇති අතර මේ වසරේ සිව්වන කාර්තුව වනවිට හෝ ඊට පෙර උද්ධමනය තනි අගයකට පැමිණෙන බව සහතික වශයෙන් කිව හැකි බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

රට තුළ විදේශ විනිමය සංචිත ක්‍රමයෙන් ඉහළ යාමත් සමග ඉදිරියේදී ආනයන සීමා ලිහිල් කිරීමට සහ විනිමය, ප්‍රාග්ධන ගනුදෙනු සඳහා පවතින සීමාවන්ද එලෙස ලිහිල් කිරීමට බලාපොරොත්තුවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම